‘Data Tax ගැන සුභආරංචියක් ඉදිරියේදී ගේනවා’ – ආමාත්‍ය හර්ෂ ද සිල්වා

20 Jul 2017 -

යහපාලන ආණ්ඩුය බලයට පත් වූ පසු අන්තර්ජාලය හා බැදී සේවාවන් වලට 51%ට ආසන්න ප්‍රමාණයක බද්ධක් එක් කළේය. මේ නිසා අන්තර්ජාලයට පිවිසීමේදී ඉතා වැඩි මුදලක් ගෙවීමට ලාංකියන්ට මේ අනුව සිදුව තිබේ. ඒ සම්බන්ධයෙන් අදහසක් දැක්වූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ආමත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ ඩේටා ටැක්ස් සම්බන්ධයෙටන් සතුටු විය හැකි පණිවිඩයක් ඉදිරියේදී ජනතාව හමුවේ තබන බවයි.

ඔහු වැඩිදුරටත් සදහන් කරමින් ‘‘බදු ප්‍රතිපත්තිත් එක්ක සමහර වෙලාවට රජයට සමහරු දොස් කියනවා මේ සමාජ මාධ්‍ය එක පැත්තකින් හොද කියනවා අනිත් පැත්තෙන් මේක සීමා කරන්න ද දත්ත වලට මෙච්චර බදු ගහලා තියෙන්නේ කියලා. Data Tax. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දා ම මේ සම්බන්ධයෙන් සුභ ආරංචියක් රටේ ලොකු තැන්වලින් ඔබ සියලු දෙනාට ඇහෙයි කියලා.‘‘

ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා ඒ පිළිබද දැක්වූ සම්පූර්ණ අදහස පහතින් දැක්වේ.