Internet Governance Forum යනු කුමක් ද?

පසුබිම් සටහන

Internet Governance Forum(IGF) සේවය කරන්නේ අන්තර්ජාලය සම්බන්ධ රාජ්‍ය ප‍්‍රතිපත්ති ආශ‍්‍රිත ගැටලූ පිළිබඳව කෙරෙන සාකච්ඡා තුළ විවිධ පාර්ශ්වකරු කණ්ඩායම් සමානයන් ලෙස එක්තැන් කිරීම සඳහා ය. සාකච්ඡා කර ලබා ගත් ප‍්‍රතිඵලයක් නැති නමුත් IGF රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශය තුළ ම සිටින ප‍්‍රතිපත්ති සම්පාදන බලය දරන්නන් දැනුවත් කර ද උනන්දු කර ද ඇත. තමන්ගේ වාර්ෂික රැස්වීමේ දී නියෝජිතයෝ එකිනෙකා සමග සාකච්ඡා කරති, තොරතුරු හුවමාරු කර ගනිති, යහපරිචයන් බෙදාහදා ගනිති. IGF අන්තර්ජාල අවස්ථාවන් උපරිම කර ගත හැකි ආකාරය පිළිබඳ පොදු අවබෝධයක් ඇති වීමට පහසුකම් සපයන අතර එහි දී පැන නගින අවදානම් හා ගැටලූවලට විසඳුම් සොයයි.

IGF යනු අන්තර්ජාල පාලනය සම්බන්ධ විවාදයට සහභාගි වීම සඳහා ධනවත් රටවලට ලැබෙන අවස්ථාව ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ද ලබා දෙන්නා වූත් පවත්නා ආයතන හා විධිවිධාන තුළ සහභාගි වීමට ඔවුන්ට පහසුකම් සපයන්නා වූත් අවකාශයක් ද වේ. අවසානයේ දී, අන්තර්ජාලයේ අනාගත වර්ධනය සඳහා, සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින යන දෙයාකාරයේ ම රටවල සියලූ පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධය අවශ්‍ය වන්නේ ය.

එක්සත් ජාතීන්ගේ(UN) සම්බන්ධය

වසර 60කට වැඩි කලකට පෙර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය සම්මත කළේ ය. එවක සිටි සාකච්ඡාකරුවන්ට දශක ගණනාවකට පසුව අන්තර්ජාලය නම් නව නිර්මාණය පවතිනු ඇතැයි පරිකල්පනය කළ නොහැකි වන්නට හොඳට ම ඉඩ ඇති නමුත්, ඔවුන් 19 වගන්තිය කෙටුම්පත් කරන විට ඔවුන්ගේ සිත් තුළ අන්තර්ජාලය තිබුණාක් මෙන් පෙනී යයි:

”සෑම කෙනෙකුට ම මත හා අදහස් පළ කිරීමේ නිදහස ඇත; මේ අයිතියට බාධාවකින් තොරව මත දැරීමේ ද දේශ සීමා නො තකා ඕනෑ ම මාධ්‍යයක් හරහා තොරතුරු සොයා යාමේ, ලබා ගැනීමේ හා බෙදා හැරීමේ අයිතිය ද ඇතුළත් ය.”

මේ වගන්තිය තුළ අන්තර්ජාලය හා එහි සීමා රහිත ස්වභාවය පිළිබඳ සමස්ත හරය ම අඩංගු වේ. අන්තර්ජාලය දැක ගනු ලබන්නේ ”තීරණාත්මක … ජාත්‍යන්තර වේදිකාවක්” සම්පාදනය කරන්නක් ලෙස ය. ෂඨත්‍ සේවය කරන්නේ සාකච්ඡාව සඳහා සියලූ ක‍්‍රියාකාරකයන්ට ගැටලූ ඉදිරිපත් කළ හැකි විද්‍යාගාරයක්, මධ්‍යස්ථ අවකාශයක් ලෙස ය. IGF, උනන්දුවක් දක්වන ක‍්‍රියාකාරකයන්ට, තමන්ගේ අවශ්‍යතාවන්ට එරෙහි තීරණයක් ගනු ලැබීමට ඉඩ තිබෙන්නේ ය යන්න නො තකා ගැටලූවක් පිළිබඳව සාකච්ඡුා හැකි සංවාදයක් උදෙසා, අවකාශයක් සම්පාදනය කරයි.

අන්තර්ජාල පාලන සංසදය යනු සාමාජිකයන් රහිත විවෘත සංසදයකි. 2006 දී එය පිහිටුවන ලද්දේ තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව විසිනි. එතැන් පටන් එය, අන්තර්ජාල පාලනය සම්බන්ධ රාජ්‍ය ප‍්‍රතිපත්ති ආශ‍්‍රිත ගැටලූ සාකච්ඡා කෙරෙන ප‍්‍රමුඛතම ගෝලීය බහුපාර්ශ්වකරු සංසදය බවට පත් වී ඇත.
එය සතු එක්සත් ජාතීන්ගේ විධිනියෝගය, එයට කැඳවුම් බලය ද සමාන පදනමක් මත සියලූ ක‍්‍රියාකාරකයන් උදෙසා මධ්‍යස්ථ අවකාශයක් ලෙස සේවය කිරීමේ වරම ද ලබා දෙයි. සංවාදය සඳහා වූ අවකාශයක් ලෙස එයට ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් අවධානය යොමු කළ යුතු ගැටලූ හඳුනා ගැනීමටත් වෙනත් සංසදයන්හි දී ගනු ලබන තීරණ හැඩ ගැස්වීමටත් හැකියාව ඇත. එම නිසා, ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රය හැඩ ගැස්වීමේ දී ද වෙනත් ආයතන තුළ දී සාකච්ඡා කිරීමට හා තීරණ ගැනීමට පසුබිම සකසා දීමේ දී ද, IGF ප‍්‍රයෝජනවත් විය හැකි ය. IGF සතුව යළි බෙදා හැරීමේ බලයක් නැති නමුත්, හඳුනා ගැනීමේ බලය ”ප‍්‍රමුඛ ගැටලූ හඳුනා ගැනීමේ බලය” එය සතුව ඇත.

IGF සඳහා සහාය දීමට ජිනීවාහි කුඩා ලේකම් කාර්යාලයක් පිහිටුවන ලද අතර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, ෂඨත්‍ කැඳවීමේ දී ඔහුට සහාය වීමට, සියලූ පාර්ශ්වකරු කණ්ඩායම් නියෝජනය වන උපදේශක කණ්ඩායමක් පත් කරනු ලැබ ඇත. 2010 දෙසැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ෂඨත්‍ විධිනියෝගය තවත් පස් වසරක් සඳහා දීර්ඝ කිරීමට එකඟ විය. ෂඨත්‍ සඳහා මූල්‍ය සම්පත් සම්පාදනය වන්නේ ස්වේච්ඡුාමය දායකත්වයන් මගිනි.

වැඩි විස්තර සඳහා: http://www.intgovforum.org/cms/