#DroneJournalism Workshop | #DroneJournalism වැඩමුලුවක් කොළඹදී..

Drone යානාව භාවිතා කරමින් මාධ්‍යකරණයේ නිරතවීම පිළිබදවත් Drone යානාවල ඇති තාක්ෂණ්ක තත්ත්වයන් පිළිබදවත් අද(18) වැඩමුලුවක් කොළඹදි පැවැත්වීය. ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සංස්කාරක සංජන හත්තොටුව මෙහෙය වු එම වැඩසටහන සදහා DroneJornalism සම්බන්ධනේ උනන්දුවක් දක්වන ජනමාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වී සිටි අතර සිංහල හ ඉංග්‍රීස් මාධ්‍ය දෙකෙන්ම එම වැඩමුලුව පැවත් වූ අතර මේ සම්බන්ධයෙන් වැඩමුලුවක් පැවත්වූයේ ලංකාව ප්‍රථම වරට වීම විශේෂයකි. එහිදී එම වැඩමුලුවේ පුහුණුකරු වන සංජන හත්තොටුව මහතා පැවසූවේ ‘Drone හැසිරවීම නොව එය හැසිර වීමේදී අප විසින් භාවිතා කල යුතු ආචාරධර්ම සහ පිළිගත් ක්‍රමවේදයන් ඉගෙන ගැනීම ඉතා වැදගත් බවත්, එහිදී පුද්ගලිකත්වය වැනි කාරණාවලට මුල්තැන දිය යුතු බවත්, විශේෂයෙන් Civil Aviation Authority හී හදුන්වා දී ඇති මග පෙන්වීමි පිළිබද වැඩි අවදානයක යොමු කිරීමත් වැදගත් වෙනවා‘ ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විශේෂයෙන් ජනමාධ්‍යෙව්දීන්, මානුෂිය සහන සේවකයින් වැනි පිරිස් ලෝකය පුරා සමාජයට වැදගත් වන ලෙස මෙය භාවිතා කරන බවත් ලංකාවේ දී ස්වභාවිත විපත්, පරිසර ආශ්‍රීත වැනි තත්ත්වයන් විග්‍රහයේදී මෙන්ම වාර්තාකරණයේදී මෙය වඩා ඵලදායි ලෙස භාවිතා කළ හැකි බවත්ය.

පහත පළවන්නේ එම වැඩමුලුවේ ඡායාරෑප කිහිපයකි.

5

1

2

3

6

7

8

9

Image @Sampath Samarakoon & Selaraj Rajasegar