ගුගල්, ආචාර්ය අම්බෙක්කාර් සමරයි

18 Apr 2015 -

ලොව ප්‍රමුඛතම අන්තර්ජාල සේවා ලබාදෙන ආයතනයක් වන ගූගල් සමාගම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙකු මෙන්ම දේශපාලන විද්වතෙක් ලෙස ලොව පිළිගත් ආචාර්ය බිම්රාවෝ අම්බෙඩ්කාර් මහතා අගයමින් ඔහුගේ උපන් දිනය යෙදී තිබූ පසුගිය අප්‍රේල් 14 වැනිදා ගූගල් ලාංඡනයට අම්බෙඩ්කාර් මහතාගේ රුව එකතු කර ඇත.

ආචාර්ය අම්බෙක්කාර්ගේ 124වන උපන්දිනය සැමරීම වෙනුවෙන් ගූගල් සමාගම විසින් මෙම උපහාරය ඔහුට ලබා දී තිබේ. එසේම ආචාර්ය අම්බෙක්කාර් 1956 දෙසැම්බර් මස 06වනදා දිල්ලි නගරයේදී සිය සමුගැන්ම සිදුකරන විට ඔහු ඉන්දියාවට විශිෂ්ඨ සේවාවන් රැසක් සිදුකර තිබිණි. එහි ප්‍රමුඛතම කාර්ය වන්නේ ඉන්දියාවේ ව්‍යවස්ථාව සකස් කිරීමට මූලිකත්වය ගැනීමෙනි.

එසේම ගූගල් ඔස්සේ ආචාර්ය අම්බෙඩ්කාර් පිළිබඳ සියලු තොරතුරු ඒ තුළින් සපයා ගත හැකි ලෙස පහසුකම් සළසා දී තිබේ.

කුල හීන පවුලක උපත ලද අම්බෙඩ්කාර් පසුකලෙක ස්වෝත්සාහයෙන් අධ්‍යාපනය ප්‍රගුණ කර නීතිවේදියෙකු, ආර්ථික හා දේශපාලන විශේෂයෙකු සහ ලොව පිළිගත් සුප්‍රකට දේශපාලඥයෙකු බවට පත්විය.