ප්‍රථම වතාවට ලංකාවේ අධිකරණයකින් Skype ඔස්සේ කරුණු විමසයි!

ඉතිහාසයේ ප්‍රථම වරට ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා මහේස්ත්‍රාත් උසාවිය සාක්කි කාරියකගේ කරුණු විමසීමට තීන්දු කර ඇතැයි වාර්තා වේ. මෙම තීන්දුව ලබා දී ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මහතා විසිනි.

මෙසේ සාක්ෂි විමසීම මාර්තු 14 වන දා සිදුවන අතර කොළඹ විශ්ව විද්‍යාල පරිගණක පාසලේ ස්වාධින නිරීක්ෂකයකුගේ මෙහෙයවීම යටතේ Skype සාක්කිය ගැනීමට අවශ්‍ය විධි විධාන සලසන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට උපදෙස් දුන්නේය.

ෆැන්සිස්කා දියදා නම් ඉතාලි කාන්තාවක් 2011 දී ශ්‍රී ලංකාවේ හෝටලයක සිටීයදී ඇමෙරිකා ඩොලර් 700 ක් (රුපියල් 92400)සොරකම් කළැයි හෝටල සේවක ධනංජය ප්‍රභාත් නැමැත්තෙකුට එරෙහිව පැමිනිලි කර තිබුණි.(@LNW)