Facebook සහ වෙනත් සමාජ ජාල වෙබ් අඩවි පදනම් කර ගත් සාමාජීය මාධ්‍යය උදෙසා මූලික සුරක්ෂිතතා උපදෙස් සහ ආරක්ෂක මාර්ගෝපදේශ

මාස කිහිපයකට පෙර කොළඹ පැවති නිහඬ විරෝධතාව සඳහා සහභාගි වූවන්ට එරෙහිව බොදුබල සේනාව වැනි සංවිධාන විසින් (බීබීඑස්) නින්දා සහගත ප‍්‍රතිරෝධයක් පෑවේ ය. මෙම තත්ත්වය තුළ, වෙබ් ජාලය පදනම් කර ගත් සාමාජීය මාධ්‍ය වේදිකාවලට යවන හසුන්වල අන්තර්ගතය සුරක්ෂිත කිරීමට වහා පියවර ගෙන තමන්ගේ ද තමන්ගේ පවුලේ, මිතුරන්ගේ සහ සගයන්ගේ ද පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.

Facebook අන්තර්ගතය ලින්ක් කිරීම, එහි ලිපි ඇතුළත් කිරීම, ඊට ඡායාරූප සහ වීඩියෝ අප්ලෝඞ් කිරීම, ඉන්ස්ටග‍්‍රෑම් සහ ට්විටර් වැනි වෙනත් සාමාජීය මාධ්‍ය ගිණුම් ඊට ලින්ක් කිරීම සහ අනෙකුන්ගේ හසුන් පිළිබඳව අදහස් දැක්වීම යන හැම දෙයකින් ම, යමෙකුගේ පෞද්ගලික තොරතුරු සේ ම, මිතුරු ජාල ද ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සහ අන්තර්ගතය ද හෙළිදරව් වේ.

ඔන්ලයින් සාමාජීය මාධ්‍ය සංවාද මණ්ඩපයෙහි තිබෙන ඔබගේ තොරතුරු ආරක්ෂා කර ගැනීමට ඔබ පරිස්සම් නොවන්නේ නම් ඔබගේ ‘මිතුරු’ ජාලයේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් විය හැකි ය. ඉන් පසුව එම තොරතුරු ඩිජිටල්[Digital] ක‍්‍රමයෙන් තමන් කැමැති ආකාරයකට හසුරුවා ඔබ සහ ඔබගේ මිතුරන් නීතිය බලාත්මක කරන දේශීය සහ ජාත්‍යන්තර ආයතන සමග ඉතා බරපතළ පටලැවිල්ලකට ඇද දැමිය හැකි ය.

බොදු බල සේනාව එන්න එන්න ම අතිසංකීර්ණ වීම හේතුවෙන්, ජාලය පදනම් කර ගෙන – විශේෂයෙන් ම, වර්ධනය වෙමින් පවතින ෆේස්බුක් කණ්ඩායම් සංඛ්‍යාව පදනම් කර ගෙන – වෛරී උද්ඝෝෂණ ව්‍යාපාර නිර්මාණය කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරීමට ඊට පවතින හැකියාව ද අතිසංකීර්ණ වෙයි. මේ නිසා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතැති ක‍්‍රියාකාරකම්වල සහ බලපෑම් කිරීම්වල පෙරමුණ ගන්නා අයගේ සහ ඒවාට සහභාගි වන අයගේ විද්‍යුත් තැපැල් පණිවුඩවලට සහ සාමාජීය මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් පිවිසීමට, ඒවා කඩාකප්පල් කිරීමට, විකෘති කිරීමට සහ සමීපව නිරීක්ෂණය කිරීමට දරන ප‍්‍රයත්නයන් ද වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉතා ඉක්මනින් පහත සඳහන් තොරතුරු ලියුවේ පසු ගිය 2013 අපේ‍්‍රල් මාසයේ කොළඹ දී වෛරයට එරෙහිව විශාල රැලියකට පැමිණ සිටි අය ආරක්ෂා කිරීමට සහාය වනු පිණිස ය. සාමාන්‍යයෙන් ඔන්ලයින් සාමාජීය මාධ්‍ය වේදිකාවලත්, විශේෂයෙන් ම ෆේස්බුක් අඩවියේත් ස්වභාවය වන්නේ සිය සේවා කොන්දේසි සහ පෞද්ගලිකත්ව පාලන විධි නිරතුරුව වෙනස් කිරීම යි. සියලූ සාමාජීය මාධ්‍යවල අතිප‍්‍රමුඛව දැකිය හැකි නැඹුරුවක් නම් හැම දෙය ම විවෘතව සහ ප‍්‍රසිද්ධියේ බෙදාහදා ගැනීම යි. පෞද්ගලිකත්වය ඩිෆෝල්ට් විධානයක් නො වේ. පෞද්ගලිකත්වය අප කැමැති ආකාරයට විධානය කිරීම දුෂ්කර ය, ඊට පහසුවෙන් ළඟා විය නොහැකි ය, කිසි ම ඔන්ලයින් සාමාජීය මාධ්‍ය වේදිකාවක දී – විශේෂයෙන් ම ෆේස්බුක්හි දී – පෞද්ගලිකත්වය කිසි විටෙක සහතික නො කෙරෙයි.

මෙය ලියන මොහොතේ ෆේස්බුක් අඩවියෙහි සහ අනෙක් ලින්ක්වල අන්තර්ගතය නිවැරදිව පැවතුණත්, ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ විශේෂිත සැලකිලිමත් වීම් සම්බන්ධයෙන් මෙම කතුවරයා සමග අඛණ්ඩව අදහස් හුවමාරු කර ගන්නා ලෙස පාඨකයන් දිරි ගන්වනු ලැබේ.

සමාජ ජාල ආරක්ෂන විදික්‍රම ද ඇතුලත් සම්පූර්ණ ලිපිය සදහා පිවිසෙන්න. | දෙමළ පරිවර්තනය සදහා පිවිසෙන්න

සංජන හත්තොටුව විසින් සැකසූ ලිපියක සිංහල සහ දෙමළ අනුවාදයයි