‘ආචාරධර්ම පවතින්නේ අදහස් පළකිරීමේ අයිතිය තහවුරුකිරීමට මිස වාරණය කිරීමට නෙවෙයි.‘

‛ශ්‍රී ලංකාව අන්තර්ජාල සිතියමෙන් ඉවත් නොකර වෙබ් අඩවියක් වාරණය කිරීමට ආණ්ඩුවට බැහැ’ මැයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේ්‍යෂ්ඨ පර්යේෂක, සංජන හත්තොටුව සමග පසුගිය සතියේ රාවය පුවත්පත කල සාකච්ඡාවක් ඇසුරිනි.

‘‘රටක් හැටියට ගත්තොත් ලංකාව තුළ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ සාකච්ඡාවක් ඇතිකළ යුතුයි. අපේ රටේ සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් එම සාක්ෂරතාව හා මාධ්‍ය සාක්ෂරතාව හාත්පසින්ම වෙනස්. කියවීමේ ලිවීමේ හැකියාව තිබුණා කියලා අපිට කියන්න බැහැ ඔහු අහන දකින දේ තුලනය කරන්න, ප්‍රශ්න කරන්න හැකියාවක් තිබෙනවා කියලා. ලංකාවේ පාසැල්වල ඒ අධ්‍යාපනය ඔවුන්ට ලැබෙන්නෙ නැහැ. විශ්ව විද්‍යාලවල ජනමාධ්‍ය උපාධි සඳහා උගන්වන්නේ 1960 ගණන්වල විෂය නිර්දේශ. ඉතින් කිසිම අධ්‍යාපනයකින් පුරවැසියන්ට කියලා දීලා නැහැ තමන් අහන දකින දේ ප්‍රශ්න කරන්න. මම කියන්නෙ නැහැ පාරට බහින්න කියලා. අරගලයකට සූදානම් වෙන්න කියලා. තමන්ගේ දේශපාලන මතයට පක්ෂපාති දෙයක් වුණත් ප්‍රශ්න කිරීමට මිනිසුන් හුරුවිය යුතුයි. ලංකාවේ මිනිසුන් කියවන දේ විශ්වාස කරනවා. ඒක හරි භයානකයි. යුද්දෙකින් පස්සෙ පුරවැසියන් තමන්ගේම කියලා පුරවැසි මාධ්‍යයක් බිහිකරන්න හදනවා නම් මාධ්‍ය සාක්ෂරතාව කියන්නේ එහි එක් කුළුණක්.

අනෙක් වැදගත්ම කාරණය තමයි වෙබ් අඩවිවලට ආචාරධර්ම පද්ධතියක් තිබීමේ අවශ්‍යතාවය. පුවත්පත්වලට ආචාරධර්ම පද්ධතියක් තිබෙනවා. 2008 වසරේ ජනමාධ්‍ය විද්‍යාලය හා පුවත්පත් පැමිණිලි කොමිසම එක් වී එම ආචාරධර්ම නැවත සකස් කර ගැනීමේදී වෙබ් අඩවි පිළිබඳවත් ඇතුළත් වෙලා තිබෙනවා. ඇතැම් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස් සාමාන්‍ය මාධ්‍යකරුවන් තත්වයටම පත්වෙලා තියෙනවා. ඔවුන්ටත් මේ ආචාරධර්ම තිබිය යුතුයි.ජනමාධ්‍ය කියන එක වෘත්තිය මාධ්‍යකරුවන්ට පමණක් නියම වූ දෙයක් නෙමෙයි. සාමාන්‍ය පුරවැසියෙකුටත් මාධ්‍යයක් හදන්න පුළුවන්. නමුත් ඔවුන්ටත් ආචාර ධර්ම පද්ධතියකට යටත්වෙලා ලියන් සමාජ වගකීමක් තියෙනවා. 2006 ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවිය පටන්ගත් අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වෙබ් අඩවියකට ආචාරධර්ම පද්ධතියක් ඇතුළත් කලා. අදවනතුරුම ආචාරධර්ම පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන එකම වෙබ් අඩවිය ග්‍රවුන්ඩ් වීව්ස් පමණයි. එහි සාකච්ඡාවට භාජනය වන්නේ පුද්ගලයන් පිළිබඳ නෙමෙයි. යම් යම් සමාජ ප්‍රශ්න හා සිද්ධි පමණයි.

මෙය තේරුම්ගත යුතුයි. ආචාරධර්ම පවතින්නේ අදහස් පළකිරීමේ අයිතිය තහවුරුකිරීමට මිස වාරණය කිරීමට නෙවෙයි. ආචාරධර්ම පද්ධතියක් නැතිනිසා වාරණයකින් මේ දේ කරන්න පුළුවන් කියලා හිතන එක මෝඩ සිතුවිල්ලක්. ප්‍රධාන පෙළේ මාධ්‍ය අතර මේ සාකච්ඡාව ඇතිවිය යුතුයි. නමුත් අකමැත්තෙන් වුණත් ප්‍රකාශ කිරීමට සිදුවන සත්‍යය තමයි බොහෝ මාධ්‍යකරුවන් හා විශේෂයෙන්ම කර්තෘවරුන් බොහෝම ගතානුගතික අදහස්වලයි ඉන්නෙ. මෙහෙම ඉදිරියට යන්න බැහැ. ඒ අයගේ යුගය ඉවරයි. ඒක පිළිගන්න බැරි මාධ්‍යයන් දියුණු වෙන්නෙ නැහැ.‘‘


ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි ක්‍රියාත්මක වීම හා සම්බන්ධ නීතිමය පසුබිම හා ඒවා වාරණයන්ට ලක්වීමේදී බලපාන නීතිමය තත්ත්වය කෙබඳුද?

ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) අ වගන්තිය යටතේ සෑම පුරවැසියෙකුටම භාෂණයේත්, ප්‍රකාශනයේත්, අදහස් පළකිරීමේත් මූලික අයිතියක් තිබෙනවා. ඉතින් වෙබ් අඩවිවලටත් ඒ නීතිය ඒ අයුරින්ම බලපානවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර දී තිබෙන එම මූලික අයිතියට අමතරව වෙබ් අඩවිවලට බලපාන තවත් පනත් තියෙනවා. 2003 අංක 24 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ පෞද්ගලික තොරතුරු හා දත්ත තබාගැනීමේ රාමුවක් ඇතිකරලා තිබෙනවා. 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අන්තර්ජාල වාණිජ සම්බන්ධයෙන් ක්‍රියාත්මකයි. ඊට අමතරව පරිගණක අපරාධ පනත හා බුද්ධිමය දේපළ පනත හරහාත් වෙබ් අඩවිවලට නීතිමය බලපෑමක් ඇතිවෙනවා. නමුත් කිසිදු අධිකරණයකින් තීරණයක් දීලා නැහැ මේ මේ නීතිය මේ මේ වෙබ් අඩවියට බලපානවා කියලා.

2009 අවුරුද්දේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසභ්‍ය වෙබ් අඩවි 12ක් තහනම් කළා. මම දන්නා හැටියට මේ වෙබ් අඩවි 12 විතරයි මෙතෙක් කළක් අධිකරණය දුන් තීන්දුවක් හරහා තහනම් කළේ. මේ සති අන්තයේ ප්‍රවේශය වළක්වපු වෙබ් අඩවි පහත් 2007 ජූලි මාසයේ ටැමිල් නෙට් වෙබ් අඩවියත් 2010 ජනවාරි මාසයේ වාරණය කළ වෙබ් අඩවි පහත් 2010 සිට අද වන තුරු විටින් විට ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණය කිරීමත් කිසිදු පදනමක් නැතුවයි කරලා තිබෙන්නෙ. විදුලි සංදේශ නියාමන කොමිසම කියනවා මේක සිදුවන්නේ ඔවුන්ගේ නියෝගයකින් නෙමෙයි කියලා. එතකොට ප්‍රශ්නයක් ඇතිවෙනවා කවුද මේ නියෝගය දෙන්නෙ කියලා.

අන්තර්ජාලය කටයුතු කරන්නෙ අංකන ක්‍රමයකට අනුව. හැම වෙබ් අඩවියකටම නමක් තිබෙනවා. ඒක පරිවර්තනය වෙනවා නොම්බරවලට. ආණ්ඩුව විසින් ප්‍රවේශ වීම වැළැක්වීමට අවශ්‍ය වෙබ් අඩවි වල නොම්බර අන්තර්ජාල පහසුකම් සපයන්නන් වෙත ලබා දෙනවා(Internet Service Providers). ඔවුන් ආණ්ඩුව කියන කියන ආකාරයට ඒ දේ කරනවා. ඒක ප්‍රශ්නයනයක්. ගූගල් වෙබ් ජාලය විසින් සෑම අවුරුද්දකම ලෝකයේ රටවල් එම ජාලයෙන් යම් යම් තොරතුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලීම් මොනවද කියලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ අවුරුද්දේ ඒ ගොල්ලො කියනවා ප්‍රථම වතාවට ලංකාවෙන් ඉල්ලීම් 10 ක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. අපි දන්නෙ නැහැ ඒ මොනවද කියලා. යූ ටියබ් වීඩියෝ එකක් හෝ බ්ලොග් පෝස්ට් එකක් හෝ ගූගල් සර්ච් රිසල්ට් එකක්, ගූගල් මැප්වල තියෙන යම් ස්ථානයක් වෙන්න පුළුවන්. අපි හරියටම මොකක්ද කියලා දන්නෙ නැහැ. නමුත් ඉල්ලීම් 10ක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අන්තර්ජාල පහසුකම් සපයන්නන් ක්‍රියා කළ යුත්තේ ඒ ආකාරයටයි. ආණ්ඩුවකින් හෝ පැහැදිලි නීතිමය මාර්ගයකින් ඒ ක්‍රියාමාර්ග ගත යුතුයි.

අධිකරණ තීරණයකින් වාරණය කරපු වෙබ් අඩවි 12ක් ඇරෙන්න අනෙක් වාරණයන් නීතිමය පදනමකින් පරිබාහිරව සිදු කළ දේවල්. ඒවා අපි ප්‍රශ්න කළ යුතුයි. ඒ වගේම අපි හැමෝම දන්නවා ඒවාට අභියෝග කරන අයට මොනවගේ තත්ත්වයක්ද ඇතිවෙන්නෙ කියලා. මෙවන් තත්ත්වයක් තුළ ඔන්ලයින් වෙබ් අඩවියකට ඇත්තටම බලයක් නැහැ. ඒ වෙනුවෙන් නීතිමය පැත්තෙන් හඬනගලා සහනයක් ලබා ගන්න හැකියාවක් නැහැ.ඕක තමයි යථාර්තය.ලංකාවෙන් පිටත කරන වෙබ් අඩවියක් ලංකාව ඇතුළෙ අන්තර්ජාල පහසුකම් සපයන්නන් වාරණය කළාම කරන්න දෙයක් නැහැ.

ආණ්ඩුව විසින් කරන අන්තර්ජාල වාරණය එහි ප්‍රතිඵලයක් කියා ඔබ හිතනවාද?

වෙබ් අඩවියක් වාරණය කළාට පස්සෙ විකල්ප මාර්ගයක් හොයාගන්න එන හරිම අමාරුයි. ලංකාවේ වාතාවරණය හරියටම අධ්‍යනය කරලා වෙබ් අඩවියක් පටන්ගන්න අවස්ථාවෙම හොඳ යටිතල තාක්ෂණ පදනමක් සාදාගත යුතුයි. යම් වාරණයක් සිදුවුණොත් විකල්ප මාර්ගයකින් ප්‍රකාශනය කරන්න ඉඩ ප්‍රස්ථාව තිබෙන යටිතල තාක්ෂණ පදනමක් තිබිය යුතුයි. වාරණයකින් පස්සෙ ඒ දේ කරන්න හරිම අමාරුයි. ඕක තමයි, ඇත්තටම විකල්පයක් නැහැ කියලා කියන්නෙ.මීට මාස ගණනකට ඉස්සෙල්ලා අපේ ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවිය වාරණයට ලක්වුණා. අපි ඒක පටන් ගන්නකොටම දැනගෙන හිටියා යම් වාරණයකට ලක්වෙයි කියලා. ඒ නිසාම ඊට අවශ්‍ය යටිතල තාක්ෂණික පදනමක් සහිතවයි එය නිර්මාණය කළේ. එවන් අවස්ථාවක වාරණයට හසුකිරීම හරිම අපහසුයි.

ආණ්ඩුව විසින් මේ වගේ දේවල් කරන එක හරි මෝඩයි. මොකද ඒක කරන්න බැහැ. අපි අරාබි වසන්තය ගත්තොත් සිරියාව, ටියුනීසියාව, ඊජිප්තුව, ඉරානය වගේ රටවල් මෙවන් වාරණයකට ගියා. ෆේස් බුක්,ට්විටර්,වෙබ්,ජංගම දුරකථන හරහා අරාබි වසන්තය සිදුවුණා කියලා මම කියන්නෙ නැහැ. ඒක මීට වසර ගණනාවකට පෙර පටන්ගත්තෙ මිනිස්සු විසිනුයි. ඒත් මේක තාක්ෂණික වසන්තයක් හෝ අරගලයක් නෙමෙයි. නමුත් ඒකට ඒ දේවල් යම් ආකාරයකට දායක වුණා. අරාබි වසන්තය මේ වාරණ සඳහා උදාහරණයක් හැටියට ගත්තොත් ඊජිප්තුවේ මුබාරක් ඔහුගෙ අවසන් දින කිහිපය තුළ බරපතල ලෙස අන්තර්ජාල වාරණයකට ලක්කළා. ඒ කොතෙක්ද කිව්වොත් මුළු රටේම අන්තර්ජාල පහසුකම්, ජංගම දුරකථන පහසුකම් 100% ක්ම නවත්වලා දැම්මා. රටක් හැටියට ඊජිප්තුව අන්තර්ජාල සිතියමෙන් ඉවත් වුණා. ඕක තමයි මේ වාරණයේ අවසාන අවස්ථාව. මේ දේ නොකර, ඒ කියන්නේ අන්තර්ජාලයේ ස්විචය නිවා දමන්නේ නැතිව වාරණයට ලක් කරන්න බැහැ. ඒක මෝඩයි. අනෙක් කාරණය තමයි මේ වාරණයෙන් සිද්ධවෙන්නෙ සාමාන්‍යයෙන් එම වෙබ් අඩවිය නොබලන අයත් ප්‍රොක්සි හරහා ඒක බලන්න පටන් ගන්න එක. මීට මාස ගාණකට ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධ මාධ්‍යයට කියලා තිබුණා ලංකාවට වාරණණයක් ඇති කරන්න තරම් තාක්ෂණයක් නැහැ කියලා. හැබැයි වාරණයක් ඇති කළ යුතුයි කියලත් ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් එවන් තාක්ෂණයකුත් නැත්නම් වෙනත් රටවලින් ඒ සඳහා සහය ලැබෙන්නෙත් නැත්නම් මේ දේ සිද්ධ කිරීමේ අවසාන අරමුණ ලංකාව ඊජිප්තුව වගේ අන්තර්ජාල සිතයමෙන් ඉවත් කිරීම නම් මම හිතන්නෙ පශ්චාත් යුධ වාතාරණයකදි එය අනුවණ කටයුත්තක්. වෙබ් අඩවිවල තිබෙන දේවල් නිසා ආණ්ඩුවට හෝ පුද්ගලයන්ට යම් අපහාසයක් සිදුවෙනව නම් ඒකටත් ක්‍රියාමාර්ගයක් ගන්න නීතිමය පද්ධතියක් තිබෙනවනෙ. ඇයි වාරණය කරන්නෙ? ඊ නිව්ස් කර්තෘට උසාවියට යන්න වුණේ ඒ නීතිය අනුව කටයුතු කළ නිසානෙ. මට හිතාගන්න අපහසුයි මේ වාරණය හරහා මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා. මේක උඩබලාගෙන කෙල ගහගන්නවා වගෙ වැඩක්. තාක්ෂණික අතින් මේක ලේසි වැඩක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රොක්සි හරහා මේවට ප්‍රවේශ වීම නවත්වන්න බැහැ. එකක් නැතිවුණොත් තව එකක් තියෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ tor කියලා තමාගේම පරිගණකයට එකතු කර ගත හැකි මෘදුකාංගයක් තියෙනවා. ඒ මගින් කිසිම ප්‍රොක්සියකට නොගිහින් ඕනෙම වෙබ් අඩවියකට යන්න පුළුවන්. ඒ හරහා කිසිදු වාරණයක් කරන්න බැහැ. ඒ වගේම blogger.com හෝ wordpresss.com එකක පළ කරන්න පටන් ගත්තොත් මොකද කරන්නෙ? නොමිලේ බ්ලොග් එකක් ඇරඹුවොත් තමාගෙ නම හෝ බ්ලොග් එකේ නම තමයි ඒකට භාවිතා වෙන්නෙ. ඒ නම වාරණයට ලක්කරන්න බැහැ. වාරණය කරනවනම් සම්පූර්ණයෙන්ම blogger.com හෝ wordpresss.com එකම වාරණය කරන්න වෙනවා. එහෙම කළොතේ මිලියන ගණනකට ඒ පහසුකම නැතිවෙනවා. ඒ වගේම ෆේස්බුක් එකේ කුමක් හෝ ලියන්න පුළුවන්. ට්විටර් එක හරහා වචන 140 කින් යම් දෙයක් කියන්න පුළුවන්. එතකොට මොකක්ද කරන්නෙ? මෙහෙම තත්වයක් තිබියදී ආණ්ඩුව ඇයි මේ මාර්ගයේ යන්නෙ. එක්කො මේ දේ කරන අය මේ ගැන පැහැදිලි අදහසක් නැතුවයි මේ දේ කරන්නෙ. අපි දන්නවා ලංකාවේ පැහැදිලිවම මේ මාර්ගයේ යන්නේ නැතුව වාරණයන් සිදුවෙලා තිබෙනවා. වාරණයක් කිරීමට අවශ්‍ය නම් ඒකට විකල්ප මාර්ග තිබෙනවා.හැබැයි මේ මාර්ගයේ ගියොත් වාරණය රහසින් කරන්න බැහැ. මුළු ලෝකෙටම පේනවා මොකක්ද කරන්නෙ කියලා. උපාය මාර්ගයක් හැටියට මේ මග වැරදියි.

පශ්චාත් යුධ වාතාවරණය තුළ විශේෂයෙන් තරුණයන් සිතනවා ඔවුන්ට එන්න එන්නම හඬක් තිබෙනවා කියලා. ජනවාරි මාසේ ජනාධිපති මැතිවරණය සමයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන මහින්ද රාජපක්ෂටත්, සරත් ෆොන්සේකාටත් යූ ටියුබ් චැනල් එකක්, ෆ්ලිකර් ඡායාරූප පිටුවක්, ට්විටර් හා ෆේස් බුක් යන හතරම තිබුණා. එතකොට ජනවාරි මාසෙම මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ප්‍රථම වරට ඡන්ද ප්‍රකාශ කරන පිරිස මිලියනයකට අධිකයි කියලා. මොවුන් වයස 19-20 අය. මේ වයසේ අය ප්‍රවෘත්ති වලට සම්බන්ධවෙලා ඉන්නවා. නමුත් පුවත් පත්, ගුවන් විදුලි හා රූපවාහිනිය හරහා නෙමෙයි. ඔවුන් අන්තර්ජාලය හරහා ප්‍රවෘත්ති වලට සම්බන්ධ වෙනවා. මේ තත්ත්වය තුළ සම්පූර්ණ වාරණයක් කරන්නෙ කොහොමද?

බොහෝ දුරට මේ වාරණයන් සිදුකිරීමේ පදනම ලෙසට දක්වන හේතුව තමයි වෙබ් අඩවිවල ඇතුළත් තොරතුරු නිවැරදි නොවීම හා අපහාසාත්මක දේ ප්‍රකාශවීම කියන එක?

රටක් හැටියට ගත්තොත් ලංකාව තුළ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ සාකච්ඡාවක් ඇතිකළ යුතුයි. අපේ රටේ සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් එම සාක්ෂරතාව හා මාධ්‍ය සාක්ෂරතාව හාත්පසින්ම වෙනස්. කියවීමේ ලිවීමේ හැකියාව තිබුණා කියලා අපිට කියන්න බැහැ ඔහු අහන දකින දේ තුලනය කරන්න, ප්‍රශ්න කරන්න හැකියාවක් තිබෙනවා කියලා. ලංකාවේ පාසැල්වල ඒ අධ්‍යාපනය ඔවුන්ට ලැබෙන්නෙ නැහැ. විශ්ව විද්‍යාලවල ජනමාධ්‍ය උපාධි සඳහා උගන්වන්නේ 1960 ගණන්වල විෂය නිර්දේශ. ඉතින් කිසිම අධ්‍යාපනයකින් පුරවැසියන්ට කියලා දීලා නැහැ තමන් අහන දකින දේ ප්‍රශ්න කරන්න. මම කියන්නෙ නැහැ පාරට බහින්න කියලා. අරගලයකට සූදානම් වෙන්න කියලා. තමන්ගේ දේශපාලන මතයට පක්ෂපාති දෙයක් වුණත් ප්‍රශ්න කිරීමට මිනිසුන් හුරුවිය යුතුයි. ලංකාවේ මිනිසුන් කියවන දේ විශ්වාස කරනවා. ඒක හරි භයානකයි. යුද්දෙකින් පස්සෙ පුරවැසියන් තමන්ගේම කියලා පුරවැසි මාධ්‍යයක් බිහිකරන්න හදනවා නම් මාධ්‍ය සාක්ෂරතාව කියන්නේ එහි එක් කුළුණක්.

අනෙක් වැදගත්ම කාරණය තමයි වෙබ් අඩවිවලට ආචාරධර්ම පද්ධතියක් තිබීමේ අවශ්‍යතාවය. පුවත්පත්වලට ආචාරධර්ම පද්ධතියක් තිබෙනවා. 2008 වසරේ ජනමාධ්‍ය විද්‍යාලය හා පුවත්පත් පැමිණිලි කොමිසම එක් වී එම ආචාරධර්ම නැවත සකස් කර ගැනීමේදී වෙබ් අඩවි පිළිබඳවත් ඇතුළත් වෙලා තිබෙනවා. ඇතැම් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස් සාමාන්‍ය මාධ්‍යකරුවන් තත්වයටම පත්වෙලා තියෙනවා. ඔවුන්ටත් මේ ආචාරධර්ම තිබිය යුතුයි.ජනමාධ්‍ය කියන එක වෘත්තිය මාධ්‍යකරුවන්ට පමණක් නියම වූ දෙයක් නෙමෙයි. සාමාන්‍ය පුරවැසියෙකුටත් මාධ්‍යයක් හදන්න පුළුවන්. නමුත් ඔවුන්ටත් ආචාර ධර්ම පද්ධතියකට යටත්වෙලා ලියන් සමාජ වගකීමක් තියෙනවා. 2006 ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවිය පටන්ගත් අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වෙබ් අඩවියකට ආචාරධර්ම පද්ධතියක් ඇතුළත් කලා. අදවනතුරුම ආචාරධර්ම පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන එකම වෙබ් අඩවිය ග්‍රවුන්ඩ් වීව්ස් පමණයි. එහි සාකච්ඡාවට භාජනය වන්නේ පුද්ගලයන් පිළිබඳ නෙමෙයි. යම් යම් සමාජ ප්‍රශ්න හා සිද්ධි පමණයි.

මෙය තේරුම්ගත යුතුයි. ආචාරධර්ම පවතින්නේ අදහස් පළකිරීමේ අයිතිය තහවුරුකිරීමට මිස වාරණය කිරීමට නෙවෙයි. ආචාරධර්ම පද්ධතියක් නැතිනිසා වාරණයකින් මේ දේ කරන්න පුළුවන් කියලා හිතන එක මෝඩ සිතුවිල්ලක්. ප්‍රධාන පෙළේ මාධ්‍ය අතර මේ සාකච්ඡාව ඇතිවිය යුතුයි. නමුත් අකමැත්තෙන් වුණත් ප්‍රකාශ කිරීමට සිදුවන සත්‍යය තමයි බොහෝ මාධ්‍යකරුවන් හා විශේෂයෙන්ම කර්තෘවරුන් බොහෝම ගතානුගතික අදහස්වලයි ඉන්නෙ. මෙහෙම ඉදිරියට යන්න බැහැ. ඒ අයගේ යුගය ඉවරයි. ඒක පිළිගන්න බැරි මාධ්‍යයන් දියුණු වෙන්නෙ නැහැ.

මේ වෙබ් අඩවි ආචාරධර්ම පිළිබඳ වෘත්තීය මාධ්‍යකරුවන් අතර සාකච්ඡාවක් පමණක් ප්‍රමාණවත් නැහැ. මේ තුළ සිටින්නේ බොහෝ විට සාමාන්‍ය ජනතාවයි. බලගැන්විය යුත්තේ සාමාන්‍ය ජනතාව බව පැවසුවොත්?

ඒක හරි. පුරවැසියන් අතරත් අනිවාර්යයෙන්ම පුරවැසියන් හා මධ්‍ය අතරත් ඔවුන්ගේ වගකීම ගැන සාකච්ඡා ඇති විය යුතුයි.මම මීට සුමාන 5-6කට ඉස්සෙල්ලා ඊජිප්තුවෙ කයිරෝවලයි හිටියෙ. එහිදි මොනා ෂහීම් කියලා ඊජිප්තු අරගලයේ ඉදිරියෙන්ම හිටපු ක්‍රියාකාරිකයෙකු මට මුණගැසුණා. මම ඔහුගෙන් ඇහුවා මීළඟට මොකක්ද වෙන්නෙ කියලා. ඔහුගෙ අදහස තමයි දැන් අරගලය ඉවරයි. එහෙත් ඊජිප්තුවෙ මිනිසුන් තුළ ‛පුරවැසිභාවය’ පිළිබඳව අල්පමාත්‍ර දැනුමක් හෝ නැහැ. ඔවුන් දන්නෙ නැහැ පුරවැසියෙක් හැටියට කළ යුත්තේ කුමක්ද කියලා. ඔහු පුරවැසිභාවය පිළිබඳ වෙබ්,ෆේස්බුක්, ට්විටර් හා ජංගම දුරකතන හරහා සාකච්ඡාවක් ඇතිකරමින් යනවා. ශ්‍රී ලංකාවේ අපිත් වසර 27ක් තුළම සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක නෙමෙයිනෙ. ඡන්දය දීමේ අයිතිය ඇරෙන්නට ඔවුන්ටත් පුරවැසිභාවය පිළිබඳ හැඟීමක් නැහැ. යුදමය තත්ත්වයෙන් පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් ලැබිලා තිබේ නම් මේ සාකච්ඡාව ආරම්භ කළ යුතුයි. ඒ සඳහා යටිතල පහසුකමක් හැටියට නව මාධ්‍යයට ඉඩප්‍රස්ථා ලබා දීම අත්‍යවශ්‍යයි.

ඒ වගේම ටියුනීසියාවේ බෙන් අලීව පිටත් කළෙත් ඊජිප්තුවෙ හොස්නි මුබාරක්ව පිටත් කළෙත් ෆේස්බුක්,ට්විටර්, මොබයිල් නෙමෙයි. අවුරුදු ගණනාවක් තිස්සෙ මිනිස්සු ඝාතනය වීම් වැනි දේවල් හරහා ඒ රටවල් තුළ කතිකාවතක් ඇතිවෙලා තිබුණා. එවැනි සිවිල් සමාජයක් නැති ලංකාව වගේ රටක, පුරවැසිභාවය පිළිබඳ හැඟීමක් නැති රටක නවමාධ්‍ය ගැන මාධය සාක්ෂරතාවයක් නැති රටක ෆේස්බුක්, ට්විටර්,ජංගම දුරකතන, වෙබ් අඩවි නිකං දියත් කළා කියලා කිසිදු දේශපාලන වෙනසක් ඇතිවෙන්නෙ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන සමාජ ව්‍යාපාරයකින් තොරව අලුත් දේශපාලන සංස්කෘතියකට යන්නට බැහැ.

ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි බොහෝ වෙබ් අඩවි ලංකාව තුළ ක්‍රියාත්මක නොවන එක. ඒ වගේම එයාලා බයයි අරාබි වසන්තයක් ලංකාවෙත් ඇති වෙයි කියලා. කවුරුන් හෝ මොවුන්ට උපදෙස් දෙන කෙනෙක් කියන්නේ වාරණයක් නැතුව නව මාධ්‍ය බිහිකරන්න ඉඩදුන්නොත් ආණ්ඩුව වැටෙනවා කියලා. නමුත් එහෙම නැහැ. ඒක සුරංගනා කතාවක්. මේ වන විට ශ්‍රී ලංකාවත් මේ වගේ වාරණයන් හරහා මර්දනකාරී රටවල් අතරට එක්කාසු වෙලා ඉන්නෙ. චීනය, උතුරු කොරියාව, රුසියාව, ඉරානය වගේ රටවල් ඉන්න ක්ලබ් එකට ඇතුළත් වුණාම අපි ශ්‍රී ලාංකිකියන් කියන සිතුවිල්ලටත් නින්දාවක්.

සංජන හත්තොටුව
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේයෂ්ඨ පර්යේෂක
(2011 නොවැම්බර් 11, රාවය)